වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

වන්දනා ගාථා 3

වන්දනාවේදී පාලි වරද්දන්න එපා!

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ කථිකාචාර්ය 
ආචාර්ය පූජ්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි

බෞද්ධයෝ තම ආගමික කටයුතුවලදී ‘පාලි’නමින් හැඳින්වෙන භාෂාවෙන් රචිත විවිධ ප්රකාශන භාවිත කරති. මෙම කෙටි ලිපියෙන් අපේක්ෂා කරනු ලබන්නේ පාලි භාෂාව ව්යවහාර කිරීමේදී වර්තමාන සිංහල බෞද්ධයන් විසින් කරනු ලබන සදොස් උච්චාරණ කිහිපයක් විමසා බැලීම යි.


සාම්ප්රදායික පිළිගැනීම අනුව මෙම පාලි භාෂාව බුදුරදුන්ගේ දේශනාවන්හි භාෂා මාධ්යය වේ. එහි ඓතිහාසිකත්වය පිළිබඳ කැරුණු පර්යේෂණ බොහෝ ය. එහෙත් එහි වර්තමාන ව්යවහාරය සම්බන්ධයෙන් කැරෙන සාකච්ඡා ඉතා අල්ප ය. වන්දනා හා පූජා කටයුතුවලදී වැරදි ලෙස භාවිත වන පාලි වචන නිවැරදි ලෙස භාවිත කළ යුතු ආකාරය මේ ලිපියෙන් දැක්වේ.



ජීවිතයේ විවිධ අවස්ථාවලදී විවිධ වූ ආගමික ක්රියාවන්හි නිරත වීමේ පිළිවෙතක් බෞද්ධයන් සතු වේ. ඇතැම් විට ඒවා පාරම්පරික ව ඔවුන් වෙත සම්ප්රේෂණය වූ ඒවා විය හැකි ය. නැති නම් අභිනවයෙන් තම ජීවිතයට බද්ධ කරගත් ඒවා විය හැකි ය. උපතේ සිට මරණය දක්වා ම මෙම ආගමික ක්රියා බෞද්ධ ජීවිතයට බද්ධ වී පවතියි. පිරිත, දානය, පාංසුකූලය, බෝධි පූජාව, බුද්ධ පූජාව, සීලසමාදානය, ධර්ම දේශනය හා ශ්රවණය ආදිය ඉන් සමහරකි.


පූජා චාරිත්රවලදී ඊට ආවේණික වූ ශුද්ධ වාචික ව්යවහාරයක් පැවැත්වීම සෑම ආගමකට ම පොදු ලක්ෂණයකි. බෞද්ධයෝ ද සිය ජීවිතය හා සබැඳි සෑම ආගමික ක්රියාවකදී ම බුදුසමයෙහි ශුද්ධ භාෂාව වන පාලි භාෂාවෙන් රචිත ගද්ය හෝ පද්ය කොටස් භාවිත කරති. බොහෝ විට එබඳු ශුද්ධ වාක්යවලින් තොර වූ ආගමික කටයුත්තක් නොමැති තරම් ය. ගිහි පැවිදි සියලු දෙනා විසින් ම භාවිත එබඳු ගද්ය හෝ පද්ය කොටස් ඔවුන් වෙත පැමිණ ඇත්තේ ශ්රැතිමාත්ර වශයෙනි; එනම් කර්ණ පරම්පරාවෙනි. එහෙයින් ම එවන් භාවිතයන්හි දී ගිහි පැවිදි බෞද්ධයන් විසින් කරනු ලබන සාවද්ය උච්චාරණ බොහෝ ය.

ශ්රැතිය නිවැරදි හෝ වැරදි විය හැකි බව බුදුරදුහු ද මජ්ඣිම නිකායේ චංකී සූත්රයේ දී වදාළහ (සුස්සුතම්පි හෝති දුස්සුතම්පි හෝති). යමක් නිවැරදි ව අසා, ධාරණය කරන්නේ නම් එය නිර්දෝෂ වෙයි. ඇසීම නිවැරදි නොවන්නේ නම් එය දෝෂ සහගත වෙයි. දෝෂ සහගත උච්චාරණය “දුරුච්චාරණය” යනුවෙන් හැඳින්වේ. පාලි ව්යාකරණය බිහි වී ඇත්තේ ද මෙම දුරුච්චාරණයේ ප්රතිඵලයක් වශයෙන් බව කච්චායන සුත්තනිද්දේසයේ එන කථා පුවතකින් පැහැදිලි වේ. එහි සඳහන් පරිදි පාලි ව්යාකරණයේ පැරණිත ම නිර්මාණය වන කච්චායනයේ පළමු සූත්රය වන ‘අත්ථෝ අක්ඛර සඤ්ඥාතෝ’, යන්න බුදුමුවින් නිකුත් ව ඇත්තේ එක් වෘද්ධ (බුඩ්ඪ) පැවිද්දකුගේ සදොස් උච්චාරණයක් නිසා ය. බුදුරදුන්ගෙන් කමටහන් ලබාගත් ඔහු අනෝතත්ත තීරයෙහි සල් රුකක් මුල ‘උදයබ්බයං’ යනුවෙන් කර්මස්ථානය වඩන අතරතුර ජලයෙහි හැසිරෙන කොකකු දැක ‘උදකබකං’ යනුවෙන් සදොස් ලෙස කර්මස්ථානය උච්චාරණය කරන්නට පටන්ගත් කල්හි එ බව දැනගත් බුදුරදුන් උක්ත සූත්රය ප්රකාශ කළ බව එහි දැක්වේ. මෙහි දැක්වෙන පරිදි ‘උදයබ්බයං’ යන්න ‘උදකබකං’ යනුවෙන් උච්චාරණය කිරීම දුරුච්චාරණයකි. යම් අකුරක් කිව යුතු තැන අනෙක් අකුරක් කියන්නේ නම් එය දුරුච්චාරණය නම් වෙතැ යි විනය අටුවාවේ දැක්වේ.

එබඳු දුරුච්චාරණ සඳහා නිදසුන් කිහිපයක් විමසා බලමු. මේ උදාහරණ අටුවාවේ ඇති ඒවා නො ව, මවිසින් එකතු කරගත් ඒවා ය.

1. අල්ප්රාණ අකුරු මහාප්රාණ කිරීම. 
නිදසුන්: ”සබ්බ බුද්ධානුභාවේන” යන ගාථා පාදයෙහි සබ්බ යන පදය ‘සබ්භ’ යනුවෙන් මහාප්රාණ භ – කාරයෙන් උච්චාරණය කිරීම. 

2. මහාප්රාණ අකුරු අල්පප්රාණ කිරීම.
නිදසුන්: ”නහි ජාතු ගබ්භස්යෙයං” යන ගාථා පාදයේ ‘ගබ්භ’ යන පදය ‘ගබ්බ’ යනුවෙන් උචචාරණය කිරීම. ”ඛයං විරාගං, විගතමිද්ධො, යදත්ථි” යන පද ”කයං විරාගං, විගතමිද්දො, යදත්ති” ආදී වශයෙන් දුරුච්චාරණය කිරීම.

3. හ්රස්ව අකුරු දීර්ඝ කිරීම. 
නිදසුන්: ”මාතාපිතු උපට්ඨානං” යන්නෙහි ‘මාතාපිතු’ යන පදය ‘මාතාපිතූ’ යනුවෙන් උච්චාරණය කිරීම.

4. දීර්ඝ අකුරු හ්රස්ව කිරීම. 
නිදසුන්: ”දසහංගේහි සමන්නාගතෝ අරහාති වුච්චති” යන පාඨයේ ‘අරහාති’ යන්න ‘අරහති’ යනුවෙන් උච්චාරණය කිරීම.

5. බින්දුවක් නැති තැනකට බින්දුවක් එකතු කිරීම.
නිදසුන්: ”න පරෝ පරං නිකුබ්බේථ” යන ගාථා පාදයේ ‘නිකුබ්බේථ’ යන්න ‘නිකුංබේථ’ යනුවෙන් උච්චාරණය කිරීම.

6. අනුනාසික අකුරු අතහැර දැමීම. 
නිදසුන්: ”අසම්බාධං අවේරං අසපත්තං” යන ගාථා පාදයේ ‘අසම්බාධං’ යන පදයේ මැද ඇති ‘ම්’ ශබ්දය අතහැර ඒ වෙනුවට ස – කාරය දීර්ඝ කර ‘අසාබාධං’ යනුවෙන් උච්චාරණය කිරීම.

7. සමහර තැනෙක දී ව්යඤ්ජන අක්ෂර සහිත පද මැද ඇති ස්වර වෙනුවට ඊට අනුරූපී ව්යඤ්ජන උච්චාරණය කිරීම ද ඇතැමෙකු අතින් සිදු වේ. 

නිදසුන්: ”යථායිදං මෙ” යන්න ”යථා ඉදං මේ’ යනුවෙන් දුරුච්චාරණය කිරීම.

මෙලෙස කරනු ලබන ඇතැම් දුරුච්චාරණ නිසා අර්ථයේ ද වෙනසක් විය හැකි ය. එවිට කරනු ලබන ආගමික කාර්යයෙන් අපේක්ෂිත ප්රතිඵලය පවා වෙනස් වන්නට ඉඩ තිබේ.

ඉහත සදොස් තැන්වලට අතිරේක ව මෙහි ලා සඳහන් කළ යුතු අනෙක් කරුණ වන්නේ පාලි භාෂාවේ නොමැති යම් යම් උච්චාරණ ද සංස්කෘත භාෂාවේ බලපෑම මත ඇතැම් පුද්ගලයන්ගේ මුවින් නිකුත් වන බව යි.

බොහෝ පිරිස් විසින් කරනු ලබන එබඳු සදොස් පාලි උච්චාරණ කිහිපයක් මෙබඳු ය.
බෝධීන් වහන්සේ වන්දනා කිරීම සඳහා පහත දැක්වෙන ගාථා භාවිත කරනු ලැබේ.

”යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා
පත්තෝ සම්බඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධිපාදපං”

අර්ථය: ශාස්තෲන් වහන්සේ යම් වෘක්ෂයක් මුල හිඳිමින් සියලු සතුරන් ජයග්රහණය කළේ ද සර්වඥ බවට පැමිණියේ ද (මම) ඒ බෝධි වෘක්ෂය වන්දනා කරමි.

”ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාථේන පූජිතා
අහම්පි තේ නමස්සාමි බෝධිරාජා නමත්ථු තේ”

අර්ථය: ඒ මේ මහාබෝධීන් වහන්සේලා ලෝකනාථයන් වහන්සේ විසින් පූජා කරන ලදි. මම ද ඒවාට නමස්කාර කරමි. බෝධිරාජයන් වහන්ස; ඔබ වහන්සේට නමස්කාර වේවා!

පළමු ගාථාවේදී එක් බෝධීන් වහන්සේ නමකට නමස්කාර කළ ද මෙම දෙවන ගාථාවේදී බෝධිබහුත්ව සංකල්පයක් ඉදිරිපත් ව ඇත. එනම් බෝධීන් වහන්සේලා රාශියක් පිළිබඳ අදහස යි. ඒ බව බහුවචන පද (ඉමේ ඒතේ) භාවිත කිරීමෙන් පැහැදිලි වේ. ඒ අනුව මෙයින් ලොව සියලු තැන පිහිටි බෝධීන් වහන්සේලාට නමස්කාර කරනු ලැබේ.

මෙම ගාථා දෙක සජ්ඣායනා කිරීමේදී පද බෙදීම පිළිබඳ බොහෝ වැරදි සිදු වේ. පළමු ගාථාවේ ‘සම්බඤ්ඤුතං’ යන පද බොහෝ විට ‘සබ්බං ඤුතං’ යනුවෙන් සදොස් ලෙස වෙන් කරනු ලබයි. වෙසෙසින් ම දෙවැනි ගාථාවේ කෙළවර ඇති ‘නමත්ථු තේ’ යන්න සෑම විටෙක ම උච්නාරණය කරනු ලබන්නේ ‘නමෝස් තුතේ’ යනුවෙන් සංස්කෘත ඌරුවකට යටත් වීමෙනි. එය සදොස් උච්චාරණයකි.

එවැනි ම තවත් උච්චාරණයක් ධර්මය වන්දනා පාඨයේදී ද සිදු කැරෙයි. ”සන්දිට්ඨිකෝ අකාලිකෝ…” ආදි වශයෙන් සජ්ඣායනා කළ යුතු ධර්ම වන්දනා පාඨය ”සන්දිෂ්ඨිකෝ අකාලිකෝ…” යනුවෙන් උච්චාරණය කරන්නේ ද සංස්කෘත ක්රමයට යටත් වීමෙනි. එය ම ධර්මරත්නය ක්ෂ්මා කරගැනීම සඳහා භාවිත ”අච්චයං ඛම මේ භන්තේ සන්දිට්ඨික අකාලික” යන පාඨයේ ”සන්දිට්ඨික” යන පදයේදී ද කරනු ලබයි. ඒ ”සන්දිෂ්ඨික අකාලික” වශයෙනි.

බෞද්ධයන්ගේ සිත් ගත් පූජනීය ස්ථාන දහසයක් සෝළස මහාස්ථාන ලෙස ප්රකට ය. එම පූජනීය ස්ථාන වන්දනා කිරීම සඳහා පහත දැක්වෙන ගාථාව භාවිත කැරෙයි. මෙහි දැක්වෙන්නේ එම ගාථාවේ නිවැරදි උච්චාරණ ස්වරූපය යි. ඒ හා සමග ම බහුල ව උච්චාරණය කැරෙන සදොස් ව්යවහාරයන් වරහන් තුළ දැක්වේ.

”මහියංගණං නාගදීපං කල්යාණං පදලඤ්චනං (පදලාඤ්චනං), දිවාගුහං දීඝවාපිචේතිඤ්ච(චේතියඤ්ච) මුතිංගණං, තිස්සමහාවිහාරඤ්ච බෝධිං මරිචවට්ටියං, සුවණ්ණමාලිමහාචේතිං(චේතියං) ථූපාරාම භයාගිරිං, ජේතවනං සේලචේතිං (චේතියං) තථා කාචරගාමකං, ඒතේ සෝළස ඨානානි අහං වන්දාමි සබ්බදා.”

අර්ථය: මහියංගණය, නාගදීපය, කැලණිය, සිරි පා ලකුණ, දිවාගුහාව, දීඝවාපි චෛත්යය, මුතියංගණය, තිස්සමහාවිහාරය, සිරි මහ බෝධිය, මිරිසවැටිය, ස්වර්ණමාලි චෛත්යය, ථූපාරාමය, අභයගිය, ජේතවනය, සේල චෛත්යය සේ ම කතරගම (කිරිවෙහෙර) ද යන මේ සොළොස් ස්ථානයන් මම වඳිමි.

මෙම වන්දනා ගාථාව භාවිත කරන බොහෝ දෙනෙක් පළමු පාදයේ අවසානයේ ඇති ‘පදලඤ්චනං’ යන්න උච්චාරණය කරන්නේ ‘පදලාඤ්චනං’ යනුවෙනි. එය සදොස් උච්චාරණයකි. ඊට හේතුව පාලි භාෂාවෙහි දීර්ඝ ස්වරයකින් පසුව බැඳි අකුරු භාවිතයට ඇති ඉඩකඩ සීමිත වීම යි. ඊළඟට ”දීඝවාපි චේතිඤ්ච, සුවණ්ණමාලිමහාචේතිං, සේලචේතිං” යන තැන්වලදී ”දීඝවාපී චේතියඤ්ච, සුවණ්ණමාලිමහාචේතියං, සේලචේතියං” යනුවෙන් කරනු ලබන සදොස් උච්චාරණය දැක්විය හැකි ය. ‘චේතිං’ (දුතියා විභක්ති ඒකවචන) යන පාලි වචනයේ අර්ථය චෛත්යය යනු යි. ‘චේතියං’ (සත්තම් විභක්ති ඒකවචන) යනුවෙන් උච්චාරණය කළ කල්හි එහි අර්ථය චෛත්යයෙහි යනු යි. ඉහත ගාථාවේ අර්ථය නිවැරදි වන්නේ ‘චේතිං’ යන පදය ගැනීමෙනි.

මෙය තවදුරටත් පැහැදිලි කරගැනීමට මෙම ගාථාවෙහි උක්තාඛ්යාත සම්බන්ධය විමසා බැලිය හැකි ය. මෙහි කර්තෘ පදය අවසන් ගාථා පාදයේ ඇති ‘අහං’ යනු යි. එහි අර්ථය ‘මම’ යනු යි. ක්රියා පදය ‘වන්දාමි’ යනු යි. එහි අර්ථය ‘වඳිමි’ යනු යි. එවිට ”අහං වන්දාමි” යන පාලි වාක්යයේ අර්ථය ‘මම වඳිමි’ යනු යි. මෙම කර්තෘ ක්රියා දෙක අතරට කර්ම පදයක් එකතු විය යුතු ය. ගාථාවේ ඇති අනෙක් පද සියල්ල කර්ම පද වේ. කර්ම පදය දුතියා විභක්තියෙන් තැබීම අනිවාර්ය නීතියකි. ඒ අනුව ”අහං වන්දාමි” යන පද දෙක අතරට ‘මහියංගණං’ ආදි පද සියල්ල එකතු කළ යුතු ය. ඉහත දැක්වූ ”දීඝවාපි චේතිං (ඤ්ච), සුවණ්ණමාලිමහාචේතිං, සේලචේතිං” යන පද ද කර්ම පද වන අතර, දුතියා විභක්ති ඒකවචන රූප ද වේ. එහෙයින් ඒවා ”දීඝවාපී චේතියඤ්ච, සුවණ්ණමාලිමහාචේතියං, සෙලචේතියං” යනුවෙන් උච්චාරණය කිරීම සුදුසු නො වේ.

ඉහත ගාථාවේ අවසාන පාදය ආරම්භයේ ඇති ”ඒතේ සෝළස ඨානානි” යන පද කිහිපය උච්චාරණය කිරීමේ දී බොහෝ විට ‘සෝළස’ ශබ්දයේ අන්ත ස – කාරය ‘ඨානානි’ යන පදය සමඟ එකතු කර ”ඒතේ සෝළ සඨානානි” යනුවෙන් උච්චාරණය කැරෙයි. එය වරදවා පද වෙන් කිරීමේ දෝෂයෙන් සිදු වන්නකි.

අනෙක් අතට ”අධිවාසේතු නෝ භන්තේ” යන ගාථා කොටස බොහෝ දෙනෙක් සජ්ඣායනා කරන්නේ වැරදි පද බෙදීමකිනි. ඒ ”අධිවාසේ තුනෝ භන්තේ” වශයෙනි. එවැනි පද බෙදීමකින් සිදු වන්නේ අර්ථ හානියකි. එහෙයින් එය නිවැරදි ව ව්යවහාර කළ යුතු වෙයි.

පැන් පූජාව:

”සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං
පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම”

අර්ථය: උත්තමයන් වහන්ස, භාග්යවතුන් වහන්සේ මේ සුවඳවත් වූ සිහිල් වූ කැප වූ ප්රසන්න වූ මිහිරි වූ යහපත් වූ පැන් පිළිගන්නා සේක්වා!

”අධිවාසේතු නො භන්තේ පානීයං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම”

අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද පැන් ඉවසන (භාරගන්නා) සේක්වා. උත්තමයන් වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!

ආහාර පූජාව:

”අධිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම”

අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද බොජුන් (ආහාර) ඉවසන (භාරගන්නා) සේක්වා. උත්තමයන් වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!

කැවිලි පූජාව:

”අධිවාසේතු නෝ භන්තේ ඛජ්ජකං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම”

අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද කැවිලි ඉවසන (භාරගන්නා) සේක්වා. උත්තමයන් වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!

දැහැත් පූජාව:

”අධිවාසේතු නෝ භන්තේ තාම්බූලං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම”

අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද බුලත් ඉවසන (භාරගන්නා) සේක්වා. උත්තමයන් වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!

”නාගවල්ලිදලූපේතං චුණ්ණපූගසමායුතං
තාම්බූලං පතිගණ්හාතු සකප්පූරමිදං ජිනෝ/ ජින”

අර්ථය: ජින නම් වන බුදු රජාණන් වහන්සේ/ වහන්ස, බුලත් කොළවලින් යුත් සුනු හා පුවක් සහිත කපුරු සහිත මේ දැහැත් පිළිගන්නා සේක්වා!

මෙම ගාථාවේ අවසන් පාදය බහුල වශයෙන් ”සතං පූජේමිදං ජිනෝ” යි ව්යවහාර කැරෙයි. එය අර්ථ ශූන්ය වූවකි. එහි නිවැරදි උච්චාරණය ”සකප්පූරමිදං ජිනෝ/ ජින” විය යුතු ය. මෙහි ”කප්පූර” යනු කපුරු ය. පාලි ඉංග්රීසි ශබ්දකෝෂාගත අර්ථය අනුව එය ශාකයකි.

මල් පූජාව සෑම බෞද්ධයකුගේ ම දෛනික පූජා විධියක් බවට පත් වී ඇත. ඒ සඳහා යොදා ගැනෙන ගාථා දෙකකි. ඉන් පළමු වැන්න පහත දැක්වෙන පරිදි සජ්ඣායනය කළ යුතු ය.

”වණ්ණ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුහේ”

අර්ථය: පැහැය සුවඳ ගුණය යන ස්වභාවවලින් යුක්ත මෙම මල් රැස මුනිඳුන්ගේ සිරිපා පියුම මත පූජා කරමි.


ඇතැම් විට මෙම ගාථාවේ පළමු පේළියේ එන කුසුමසන්තතිං යන පදය බොහෝ දෙනෙක් ”කුසුමසංතසිං” (හෝ කුසුමසන්තොසිං) යනුවෙන් උච්චාරණය කරති. එය සදොස් උච්චාරණයකි.

සෑම පුණ්ය ක්රියාවක් ම අවසානයේ දෙවියන් සහිත ලෝකයාට තමන් රැස් කරගත් පුණ්යසම්භාරය අනුමෝදන් කරවීම බෞද්ධ චාරිත්රයකි. ඒ සඳහා විවිධ ආකාරයේ ගාථා යොදාගැනෙයි. පහත දැක්වෙන්නේ එයින් එක් ගාථාවවකි.

”එත්තාවතා ච අම්හේහි 
සම්භතං පුඤ්ඤසම්පදං 
සබ්බේ දේවා අනුමෝදන්තු 
සම්බසම්පත්ති සිද්ධියා”

අර්ථය: මෙපමණ වේලාවක් අප විසින් රැස් කරන ලද පුණ්ය සම්පත්තිය සියලු දෙවියෝ සියලු සම්පත් ලැබීම පිණිස අනුමෝදන් වෙත්වා!

මෙම ගාථාව සජ්ඣායනය කිරීමේදී ”අම්හේහි” (අප විසින්) යන පදය ”අම්මේහි” (අර්ථයක් නැත) යනුවෙන් ද ”සම්භතං” (රැස් කරන ලද) යන්න ”සම්පදං” (සම්පත්තිය) යනුවෙන් ද සදොස් ව උච්චාරණය කරනු ලැබේ. එම උච්චාරණ දෙකේදී ම නිවැරදි පදයේ අර්ථය ඉවත් ව යයි. ඒ බව ඉහත වරහන් තුළ දක්වා ඇති අර්ථවලින් අවබෝධ කරගත හැකි ය.

දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා භාවිත කැරෙන ජනප්රිතම ගාථාව ”අකාසට්ඨා ච භුම්මට්ඨා….” යන්න යි. එහි නිවැරදි උච්චාරණය පහත දැක්වෙන ක්රමයට විය යුතු ය.

”ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං (දේසනං/ මං පරං)”

අර්ථය: අහසෙහි පොළොවෙහි වාසය කරන මහා තේජසක් ඇති දෙවියන් හා නාගයන් මේ පින අනුමෝදන් වී ශාසනය (දේශනය/ මා හා අනුන්) බොහෝ කාලයක් ආරක්ෂා කෙරේවා!

මෙහිදී ”ආකාසට්ඨා ච” යන්න ”ආකාසට්ඨාට” යනුවෙන් ද ”භුම්මට්ඨා” යන්න ”භූමට්ඨා” යනුවෙන් ද ”මහිද්ධිකා” යන්න ”මහිද්ධිගා” යනුවෙන් ද සදොස් ව උච්චාරණය කැරෙයි. එමෙන් ම මෙහි අවසන් පාදය ”චිරං රක්ඛංතු ලෝක සාසනං” යනුවෙන් ද ඇතැම් විට ව්යවහර කැරෙයි. එහි ඇති ”ලෝක” යන පදය නිසා මෙම ගාථාවේ වෘත්තය හානියට පත් වේ. වෙසෙසින් ම මෙම ගාථාව පාදයකට අකුරු අටක් පිහිටන වක්ත්ර වෘත්තයෙන් නිර්මාණය කරන ලද්දකි. එහි ද පථ්යාවක්ත්ර නම් උප කොටසට මෙම පද්යය ඇතුළත් වේ. මෙම ගාථාව ”චිරං රක්ඛන්තු සාසනං” යනුවෙන් ව්යවහාර කරන කල්හි වෘත්තයට අදාළ නියමිත වර්ණ ගණන එනම් වර්ණ අටක් පිහිටන නමුත් ”චිරං රක්ඛන්තු ලෝක සාසනං” යනුවෙන් ව්යවහාර කළ කල්හි වර්ණ දහයක් පෙනී සිටියි. එහෙයින් ම මාත්රාවෘද්ධි දෝෂයට ද යටත් වන්නට සිදු වේ. එනිසා මෙම ගාථාවේ අවසන් පාදයෙහි නිවැරදි ව්යවහාරය විය යුත්තේ ”චිරං රක්ඛන්තු සාසනං” යන්න යි. එසේ නොමැති නම් ‘චිරං’ යන පදය ඉවත් කර, ”රක්ඛන්තු ලෝකසාසනං” යනුවෙන් ද ව්යවහාර කළ හැකි ය. එවිට නිවැරදි වර්ණ ප්රමාණය පිහිටයි.

මෙම පුණ්යානුමෝදනා ගාථාවන්ගෙන් අනතුරු ව ප්රාර්ථනා වශයෙන් ප්රකාශ කැරෙන ගාථාවක් ද වෙයි.

”දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච
ඵීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ”

අර්ථය: සුදුසු කාලයෙහි වැසි වසීවා! ශෂ්ය සම්පත්තිය ද වේවා! ලෝකය සමෘද්ධිමත් වේවා! රජු දැහැමි පාලකයෙක් වේවා!

බොහෝ දෙනෙක් මෙම ගාථාවෙහි ”සස්සසම්පත්ති හෝතු ච” යන පාදයෙහි කෙළවර ඇති ”හෝතු” යන්න ”හේතු” යනුවෙන් සදොස් ව උසුරුවති. එම පදය මෙම ගාථාපාදයේ ක්රියාව සේ යෙදී ඇත. ”හෝතු” යනු ‘වීම’ යන අර්ථය ඇති ‘හූ’ යන ධාතුවෙන් නිර්මාණය වූ පඤ්චමි ආඛ්යාතයේ ප්රථම පුරුෂ ඒකවචන ක්රියාවකි. එය ”සස්සසම්පත්ති” යන නාම පදයේ ක්රියාව යි. ගාථාවේ අනෙක් පාද තුනෙහි ම එබඳු ක්රියාපද සහිත වාක්ය තුනක් ඇතුළත් ව ඇත. 1 පාදය: දේවෝ වස්සතු, 3 පාදය: ලෝකෝ (ඵීතෝ) භවතු, 4 පාදය: රාජා (ධම්මිකෝ) භවතු. එනිසා හෝතු යන එම ක්රියා පදය හේතු යනුවෙන් උච්චාරණය කළ හොත් එම ගාථාපාදයේ ක්රියා පදය ඉවත් වී යයි. එහෙයින් නිවැරදි උච්චාරණය විය යුත්තේ ”සස්සසම්පත්ති හෝතු ච” යනු යි. තව ද මෙහි එන ”සස්සසම්පත්ති” යන පදය ද ”සග්ගසම්පත්ති” යනුවෙන් වරදවා උච්චාරණය කරනු බොහෝ විට ඇසේ. ‘සග්ග’ යන්නෙහි ස්වර්ග හෙවත් දිව්යලෝක යන අර්ථය ඇත ද, මෙහි ලා ඒ අරුතේ කිසිදු ගැළපීමක් නැති හෙයින් ”සස්සසම්පත්ති” යන්න ම නිවැරදි වේ.

මෙම කෙටි ලිපියේ දී මා විසින් උත්සාහ දරන ලද්දේ පාලි භාෂාවේ නූතන ව්යවහාරය තුළ සිදු වන සදොස් උච්චාරණ කිහිපයක් හඳුන්වාදීමට ය. ඒ සඳහා වන්දනා හා පූජා කටයුතුවලදී භාවිත කැරෙන පාලි ගාථා කෙරෙහි පමණක් අවධානය යොමු කළ බව මෙහි දී වෙසෙසින් සඳහන් කළ යුතු වේ.


තුන් වරක් සාධු.. කියන්නේ ඇයි ?


දැන් විමසා බලමු මේ පුංචි "සාධු" කියන වචනය තුලින් අපට මේ සිත දමනය කරගැනීමේ, කුසලය උත්පාදනය කරගැනීමේ, සියලු පව් අකර්මන්‍ය කරදැමීමේ කටයුත්ත කරන්නට හැකිවෙන්නේ කොහොමද කියලා. 


"සාධු" යන වචනය තුන් වරක් භාවිතා කරන්නේ ඇයි? ඔබ අසා ඇති මේ "සාධු" කියන වචනය තුන් වරක් භාවිතා කරනවා. සමහරවිට අපේ ආච්චිලා සීයලා නම් හතරවෙනි වරටත් දිගු සාධුකාරයක් කියනවා. හිතුනේ නැතිද ඇයි මේ 3 පාරක් හෝ 4 පාරක් සාධු කියන්නේ ඇයි කියලා? 

අද කාලේ නම් බොහෝ ඇත්තන් මේ සාධුකාරය දෙන්නේ භක්තිය ශ්‍රද්ධාව පෙරටු කොට ගෙන පමණක් වෙන්නට ‍පුළුවන්. මොකද මේ සාධුකාරයේ අර්ථය ඔවුන් දැනගෙන සිටියා නම් එහි අර්ථය නිතර අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඒත් එය එසේ නොවන නිසා අවම පිරිසක් පමණක් මේ අර්ථය අවබෝධයෙන්ම "සාධුකාරය" භාවිතා කරනවා කියලා අපට හිතන්න පුළුවන්. ඉතින් බුද්ධිමත් වෙන්නටයථාවබෝධය ලබන්නට ගමන් අරඹන ඔබට තව දුරටත් අර්ථ විරහිතව සිතුවිලි, ක්‍රියා, වදන් මෙහෙයවිය යුතු නැහැ. 

අදින් පසුව ඔබෙන් යමෙක් ඇසුවොත් බෞද්ධයින් ඇයි "සාධු" කියන්නේ? ඇයි ඒ උදවිය "සාධු" ලෙසින් තුන් පාරක් කියන්නේ?ඇයි අන්තිමට දීර්ඝ ලෙසින් "සාධු" ලෙසින් කියන්නේ? ඇයි හය හත් පාරක් සාධු කියන්නේ නැත්තේ? 
ආදී නොයෙකුත් ගැටලුවලට අවබෝධයෙන් පිලිතුරු සපයන්නට ඔබට අපහසු වෙන එකක් නැහැ. 

ඔන්න දැන් මේ "සාධුකාරය" තුන් වරක් හෝ හතර වරක් පවත්වන්නට හේතුවත් එයම තමයි. "සාධු, සාධු, සාධු, සා...ධු..." ලෙසින් යෙදෙන විට 

1. පළවෙනි "සාධු" හඬින් අදහස් කරන්නේ "- කයෙහි සංවරභාවයයි". 
2. දෙවැනි "සාධු" හඬින් "- වචනයෙහි සංවරභාවයත්" 
3. තෙවැනි "සාධු" හඬින් "- සිතෙහි සංවරභාවයත්" 
4. හතරවෙනියට දීර්ඝ "සාධු" හඬ මේ ත්‍රිවිධ සුචරිතය පෙන්වීම පිණිසම 

(ඒ කියන්නේ "සාධු සබ්බත්ථ සං‍වරෝ"ලෙසින් දැක්වූ "මේ සියලු තැන්හි සංවරය සුහද වූ සුචරිතවත් ගුණයයි" යන්න පෙන්වා දීමට යොදාගන්නවා.)

එසේ නම් "සාධුකාරය" එසේ මෙසේ නිකම්ම ඔහේ ඕනෑ තැනකදී කියන්න පුළුවන් අර්ථයක් නැති වචනයක් නෙවේ කියලා දැනටමත් බුද්ධිමත් ඔබට වැටහෙනවා ඇති. ඉතින් තවදුරටත් විමසා බලන්න මේ තුලින් කොතරම් නම් අපූරු හික්මීමක් තමන් තුල ඇතිකරගන්නට අපට හැකියාවක් ලැබෙනවාද කියලා. 

එසේනම් පිංවත් ඔබ සියලු දෙනාම "සාධු" කියන පුංචි වචනය තුල ගැබ්වෙලා තියෙන විශිෂ්ඨ අර්ථය දැනගෙනම සාදුකාර දෙමු. 

සාධු...සාධු...සාධු... තෙරුවන් සරණයි !



නිවැරදිව බුදුන් වඳිමු.


මුලින්ම මතක තියා ගන්න.. ගාථා පාඨ හරියට උච්චාරණය කරන්න. ග්‍රාම්‍ය විදියට කටට එන හුරුවට ගාථා කියන්න එපා. "ත" හා "ථ"; "ට" හා "ඨ" යනාදිය අතරෙ වෙනස හරියට උච්චාරණය කරන්න.

ඔබ කියන ගාථාවන්හි තේරුම දැන ගාථා කියන්න. ගිරවෙකුත් ඔබත් අතර වෙනස එයයි. සජ්ඣායනා කරනා ගාථා සූත්‍ර වල තේරුම දැන එසේ කරන්න.

ඔබ දිනපතා මල් පහන් පූජාවන් කරන්නේ කෙසේදැයි සැළසුම් කරන්න.

නිවස තුල, නිස්කලංක ස්ථානයක, ශාන්ත වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේ නමක් තබා ගන්න. මල් ආසනයත් , පිළිම වහන්සේ අසලත් නුසුදුසු සැරසිලි යනාදිය නම් කරන්න එපා. දෙවියන් සිහිකර උන්වහන්සේලාට පින් අනුමෝදන්කරනවා විනා මම නම් තථාගතයන් වහන්සේ සමග දේව රූප තබන්නේ නම් නැත. පිළිමවහන්සේ ඉදිරිපිට කුඩා මල් ආසනයක පිරිසිදුව බුද්ධ පූජාව (ආහාර හා පැන්), මල්, පහන්, සුවඳදුම්, පූජා කිරීමට සූදානම් කරගන්න. 

තෙරුවන් නැමදීමට පෙර ඔබ මුහුණ, කට සෝදා / නා හෝ අවස්ථානුකූලව පිරිසිඳු වී සිටිය යුතුය. 

බැතිබරව ශ්‍රද්ධාවෙන් පිළියෙල කල බුද්ධ පූජාවත්, මල් , සුවඳදුම් හා පහනුත් මල් අසුන මත තබා තෙරුවන් නැමදුමට අපි සූදානම් වෙමු.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පළමුව භගවා, අරහං, සම්මා සම්බුද්ධ යන මහා ගුණස්කන්ධයෙන් යුතු වූ බුදු රජාණන්වහන්සේ සරණ යන්න.
ඕනෑම කටයුත්තක්, ගාථා, පිරිත් සඤ්ඤායනයකට කලින් මෙලෙස නමස්කාරය කීම සුදුසු වේ

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස 

ඉන්පසු පළමුවද, දෙවනුවද, තෙවනුවද බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන සරණ යන්න:

බුද්ධං සරණං ගච්ඡා මි
ධම්මං සරණං ගච්ඡා මි
සඞ්ඝං සරණං ගච්ඡා මි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡා මි
දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි

තතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි
තතියම්පි ධම්මං සරණං ගච්ඡා මි
තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි

මීලඟට පංච ශීලය සමාදන් වන්න: (දිනපතා සාමාන්‍ය ලෙස සීලය සමාදන් වීම මේ ලිපියේ අරමුණ නිසා අෂ්ඨ ශීලය ගැන සඳන් නොකරමී. අවශ්‍ය නම් අට සිල් සමාදන් වන්න. එය රකින්න )

පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛා පදං සමාදියාමි
මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි
සුරාමේරය මජ්ඣපමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි

* මීලඟට තුන් රුවනේ සූ විසි මහ ගුණයට නමස්කාර කරමු:

1. බුදු ගුණ නමස්කාරය:

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති

අනන්ත මහා බුදු ගුණ කියවෙන මේ උතුම් ගාථාව මන්තරයක් නොවේ. 
ඔබ ඒ ඒ මහා ගුණය කුමක් දැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න. 

අනන්ත සසරේ යන මේ භයානක ගමනේ අපේ එකම සාස්තෲවරයාණන් වූ තථාගතයන් වහන්සේට නමස්කාර කරමු:

බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
බුද්ධ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා
පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා

අතීතයේ පහල වූ බුදු රජාණන් වහන්සේලා ට ද, අනාගතයේ පහල වන්නාවු බුදු රජාණන් වහන්සේලා ට ද, 
වර්ථමාන බුද්ධෝත්පාද කාලයේ හි පහල වූ බුදු රජාණන් වහන්සේ ට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධො මේ සණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර මට අන් සරණක් නැත්තේ ය. බුද්ධ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්‍යයක් ම වේවා

උත්තමංගේන වන්දේහං - පාදපංසු වරුත්තමං
බුද්ධේ යො ඛලිතො දොසො - බුද්ධෝ ඛමතු තං මමං

භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා පහස ලද දූවිල්ලද දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි. 
මාගේ නමස්කාරය වේවා !. 
බුද්ධ රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

2. දහම් ගුණ නමස්කාරය

ස්වාක්ඛාතො භගවතො ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති

ලෞකික වූද ලෝකෝත්තර වූද අනන්ත මහා දහම් ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න. 

සියළු සත්වග හිත සුව පිණිස තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කල උතුම් ධර්ම රත්නයට නමස්කාර කරමු.

ධම්මං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
ධර්ම රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා
පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා

අතීත වූ ධර්ම රත්නයට ද, අනාගත වූ ධර්ම රත්නයට ද ට ද, 
වර්ථමාන වූ ධර්ම රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ උතුම් ධර්ම රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. ධර්ම රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්‍යයක් ම වේවා

උත්තමං ගේන වන්දේහං - ධම්මඤ්ච තිවිධං වරං
ධම්මේ යො ඛලිතො දොසො - ධම්මො ඛමතු තං මමං

ලොව්තුරු, මගඵල, නිවන්, ත්‍රිවිධ වූ ධර්ම රත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි. 
මාගේ නමස්කාරය වේවා !. 
ධම්ම රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

3. ආර්‍ය මහා සඟ ගුණ නමස්කාරය

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි
අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං
පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.

උත්තම වූ දක්ඛිනෙ‍ය්‍ය වූ ආර්‍ය මහා සංඝ රත්නය හි ගුණ ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.

මඟ ඵල ලාභී වූ උතුම් ආර්‍ය මහා සංඝ රත්නයටත් සසරේ අප කෙරෙහි අනුකම්පාවෙන් ද ඝෝර සසරෙන් අප වත් එතෙර කරවා උන්වහන්සේලාත් එතෙර වනු පිණිස ද උත්තම ආර්‍ය මාර්ගයට පිළිපන් මහා සඟ රුවන ටත් නමස්කාර කරමු

සංඝං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
සංඝ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච සංඝා අතීතා ච - යෙච සංඝා අනාගතා
පච්චුප්පන්නා ච යෙ සංඝා - අහං වන්දාමි සබ්බදා

අතීත වූ ආර්‍ය මහා සංඝ රත්නයට ද, අනාගත වූ ආර්‍ය මහා සංඝ රත්නයට ද ට ද, 
වර්ථමානයේ වැඩ සිටින ආර්‍ය මහා සංඝ රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - සංඝො මේ සරණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ආර්‍ය මහා සංඝ රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. සංඝ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්‍යයක් ම වේවා

උත්තමං ගේන වන්දේහං - සංඝං ච තිවිධොත්තමං
සඞඝේ යො ඛලිතො දොසො - සංඝො ඛමතු තං මමං

සම්මුති, සේඛ අසේඛ යන ත්‍රිවිධ වූ උත්තම සංඝරත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි. 
මාගේ නමස්කාරය වේවා !. 
මහා සංඝරත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් උන්වහන්සේලා මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

* පූජණීය චෛත්‍යයෝ වන්දනාවන්

ඔබ සිංහල බෞද්ධයෙක් නම් ඔබ ඔබේ ජීවිත කාලය තුළ කිහිප වරක් හෝ අඩුම තරමින් එක් වරක් වත් යා යුතු ස්ථාන අතරින් අනුරාධපුර ස්වර්ණමාලී (රුවන්මැලි ) චෛත්‍යරායාණන්වහන්සේත්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේත් ඉතාම වැදගත් වේ.

දිනපතා පන්සිල් ගෙන තෙරුවන් නැමැද, තථාගතයන් වහන්සේ ගේ සර්වඥධාතු තැන්පත් කල ශාරීරික චෛත්‍යය වහන්සේලා නමස්කාර කරන්න. ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරපුර ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් (හෝ වෙනත් ශාරීරික චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්) සිත් හි දරාගෙන පහත ගාථාව අවබෝධයෙන් කියන්න:

වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං
බුද්ධ රූපං සකලං සදා

* බෝධීන් වහන්සේ වන්දනා කිරීම.

ඉන් අනතුරුව අප බුදු පියාණන් වහන්සේ ගේ උතුම් පාරිභෝගික චෛත්‍යයක් වූ අනුරපුර (හෝ දඹදිව හෝ වෙනත්) බෝධීන් වහන්සේ සිත් හි දරාගෙන, සවු කෙළෙසුන් නසා ලොවුතුරා බුදු බවට පත් වන මොහොතේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේට සෙවන දුන් උතුම් බෝධීන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන අවබෝධයෙන් මේ ගාථාවන් සඤ්ඤායනා කරන්න.;

යස්සමූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධිපාදපං
(අර්ථය: ශාස්තෲන් වහන්සේ යම් වෘක්ෂයක් මුල හිඳිමින් සියලු සතුරන් ජයග්‍රහණය කළේ ද සර්වඥ බවට පැමිණියේ ද (මම) ඒ බෝධි වෘක්ෂය වන්දනා කරමි.)

ඉමේ ඒතේ මහාබෝධි 
ලෝකනාථේන පූජිතා
අහම්පි තේ නමස්සාමි 
බෝධිරාජා නමත්‍ථු තේ

(අර්ථය: ඒ මේ මහාබෝධීන් වහන්සේලා ලෝකනාථයන් වහන්සේ විසින් අනිමිසලෝචනයෙන් පූජා කරන ලදි. මම ද ඒවාට නමස්කාර කරමි. බෝධිරාජයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා!)

සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අනන්ත මහා ගුණස්කන්ධය උදෙසා උදෙසා පූජා කිරීම්

මීලඟට ඔබ මල් ආසනය මත තැබූ ආහාර (හීල හා දාවල දානය, අතුරුපස ), පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාව ජීවමාන ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජාකරමි යන ලෙසින් සිත් හි දරාගෙන සැදැහැ සිතින් පිළිගන්වමු;

* හීල හා දාවල දානය, අතුරුපස පූජා කිරීම

(කරුණාකර සැදැහැ සිතින් පිරිසිදුව පිළියෙල කල ආහාර, පිරිසිදුව පූජා කරන්න. 
අපිරිසිඳුවට නොසැලකිල්ලෙන් පූජා කරන දෑ බුදුරජාණන්වහන්සේට පූජා කෙරෙන්නේ නැත )

* පැන් පූජාව

සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං
පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම

(අර්ථය: උත්තමයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ සුවඳවත් වූ සිහිල් වූ කැප වූ ප්‍රසන්න වූ මිහිරි වූ යහපත් වූ පැන් පිළිගන්නා සේක්වා!)

අධිවාසේතු නෝ භන්තේ පානීයං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම

(අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද පැන් ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදුරජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!)

** මීට අමතරව කැවිලි, දැහැත්, ගිලන්පස ද පූජා කළ හැක. ඒ සඳහා ගාථා හා අරුත් මෙතැනින් බලන්න:

* ආහාර පූජාව

අධිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම

(අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද බොජුන් (ආහාර) ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්සවහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!)
** භෝජනං පරිකප්පිතං කියාද කියති.. මේ ගැන මෙතැනින් විමසා බලන්න:

* මල් පූජාව

පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මෙතෙන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
කායො තථා යාති විනාස භාවං

වර්‍ණ ගන්ධ ගුණෝපෙතං
එතං කුසුම සන්තතිං
පූජයාමි මුණින් දස්ස
සිරිපාද සරෝරුහෙ
(අර්ථය: පැහැය සුවඳ ගුණය යන ස්වභාවවලින් යුක්ත මෙම මල් රැස මුනිඳුන්ගේ සිරිපා පියුම මත පූජා කරමි.)

* සුවඳ පූජාව

සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා 
සුගන්ධිනා හං ගන්ධෙන - පූජයාමී තථාගත

* පහන් පූජාව

ඝණසාරප්-පදිත්තේන
දීපෙන තම ධං සිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං

[සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං
පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම]

ඉහත කී සියළු පූජාවන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට ම පූජා වේවා යැයි සිතා ශ්‍රද්ධාවෙන් පූජා කිරීම ඉතාම වැදගත් බව මතක තබා ගන්න. 

* තුන් සූත්‍රය

මීලඟට ඔබ තුන් සූත්‍රය වත් කියන්නේ නම් නම් මැනැවි. 
(එහෙත් උදෑසන රැකියාවට පාසලට යාමට සූදානම් ව තුන් සූත්‍රය කීමට වෙලාව මදි නම් සවස නිවසට ආ විට එය කරන්නට උත්සාහ කරන්න.) 

ඔබ කාර්‍ය බහුල කෙනෙක් නම්, උදෑසන ගාථා සඤ්ඤායනා කර තෙරුවන් නැමැද පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාවක් වත් කිරීමට වේලාවක් නැත කියා සිතනවා නම්, මෙලෙස අවබෝධ කරගන්න:
"තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට පූජා වේවා "කිය සිතන් දැගි ශද්ධාවෙන් ඒ පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාව මල් අසුන මත තබන මොහොතේ ඔබ ඊට අදාල පින කරගත්තේ වෙයි.
ඒ නිසා අඩුම තරමින් එලෙස වත් උදෑසන පූජාවන් සිදු කොට බැතිසිතෙන් තෙරුවන් සරණ ගොස් රැකියාවට පසලට යන්න.

සවස නිවසට ආ පසු නා පිරිසිඳු වී පිළිවෙලට ගාථා සඤ්ඤායනා කරමින් තෙරුවන් සරන යන්න මල් පහන් .. පූජා කරන්න. කාලය මදි යැයි අතපසු කරන්නට එපා.



* මහා මංගල සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ, අථඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කෙවල කප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

තේරුම
1. මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයේ වැඩ වසන සේක.

එකල්හි වනාහි නාම ග්‍රෝත්‍රයෙන් අප්‍රසිද්ධ වූ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ප්‍රථම යාමය ඉක්ම වූ කල්හි යහපත් ශරීර වර්ණය ඇතිව සියලු ජේතවනය බබුලුවාගෙන යම් තැනෙක්හි බුදුරජාණන් වහන්සේ වසන සේක් ද එතැනට එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්‍ය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කරුණක් සැලකෙළේ ය.

බහූ දේවා මනුස්සා ච
මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්‍ථානං
බ්‍රෑහි මංගල මුත්තමං

2. තේරුම
දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව ඵලවන මංගලයන් දේශනා කළ මැනවි.

අසෙවනා ච බාලානං
පණ්ඩිතානඤ්ච සෙවනා
පූජා ච පූජනීයානං
එතං මංගල මුත්තමං

3. තේරුම
අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන්පිදීම ද දෙලොව දියුණුව ගෙන දෙන කරුණු ය.

පතිරූප දේස වාසො ච
පුබ්බේ ච කත පුඤ්ඤතා
අත්ත සම්මා පණීධි ච
එතං මංගල මුත්තමං

4. තේරුම
සුදුසු පෙදෙසක විසීම ද, පෙර කළ පින් ඇති බව ද, සිත මනාව පිහිටුවීම ද, උතුම් මංගල කරුණු ය.

බාහු සච්චං ච සිප්පං ච
විනයො ච සුසික්ඛිතො
සුභාසිතා ච යා වාචා
එතං මංගල මුත්තමං

5. තේරුම
බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්ප දැනීම ද, මනා හික්මවීම ද, සුභාෂිත වචන බිණීම ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.

මාතා පිතු උපට්ඨානං
පුත්තදාරස්ස සංගහො
අනාකුලා ච කම්මන්තා
එතං මංගල මුත්තමං

6. තේරුම
මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මඟුල් ය.

දානං ච ධම්මචරියා ච
ඤාතකානඤ්ච සංගහො
අනවජ්ජානි කම්මානි
එතං මංගල මුත්තමං

7. තේරුම
දන්දීම ද, දස කුසල්හි හැසිරීම ද නෑයනට සංග්‍රහ කිරීම ද නිරවුල් කර්මාන්ත ද යන මේ කාරාණා උතුම් මඟුල් ය.

ආරති විරති පාපා
මජ්ජපානා ච සඤ්ඤමො
අප්පමාදො ච ධම්මෙසු
එතං මංගල මුත්තමං

8. තේරුම
පාපයෙහි නො ඇල්ම ද, අකුසලයෙන් වෙන්වීම ද, මත් පැනින් වැළකීම ද, හැම කුසල් දහම්හි පමා නොවීම ද උතුම් මඟුල් ය.

ගාරවො ච නිවාතො ච
සන්තුට්ඨි ච කතඤ්ඤුතා
කාලේන ධම්ම සවනං
එතං මංගල මුත්තමං

9. තේරුම
ගරුකළ යුත්තනට ගරු කිරීමද, යටහත් පහත් බව ද, ලද දෙයින් සතුටු වීම ද, කළගුණ සැළකීම ද සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් ය.

ඛන්තී ච සොවචස්සතා
සමණානං ච දස්සනං
කාලෙන ධම්ම සාකච්ඡා
එතං මංගල මුත්තමං

10. තේරුම
ඉවසීම ද, කීකරු බව ද, ශ්‍රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය.

තපො ච බ්‍රහ්ම චරියඤ්ච
අරියසච්චාන දස්සනං
නිබ්බාණ සච්ඡි කිරියා ච
එතං මංගල මුත්තමං

11. තේරුම
තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් ය.

ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි
චිත්තං යස්ස න කම්පති
අසොකං විරජං ඛෙමං
එතං මංගල මුත්තමං

12. තේරුම
අටලෝ දහමින් සිත කම්පා නොවේද, ශෝක රහිත ද, රාගාදී කෙලෙස් දූලි නැත් ද, බිය රහිත ද මේ උතුම් මඟුල් ය.

ඵතාදිසානි කත්වාන
සබ්බත්ථ මපරාජිතා
සබ්බත්‍ථ සොත්ථිං ගච්ඡන්ති
තං තෙසං මංගල මුත්තමන්ති.

මහා මංගල සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න.

* රතන සූත්‍රය

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං

තේරුම
1. භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා.

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා

තේරුම
2. අමනුෂ්‍යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

3. තේරුම
මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ක්‍ධගා සක්‍ය මුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

4. තේරුම
ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්‍ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්‍රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතෙන සමොන විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු

5. තේරුම
බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට ප්‍රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

6. තේරුම
බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්‍රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන
නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු

7. තේරුම
යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යථින්ද ඛීලො පඨවිංසිතො සියා
චතුබ්භිවාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

8. තේරුම
ඉන්ද්‍රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්‍යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්‍රණීත රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

යෙ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

9. තේරුම
යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸ සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

සහාවස්ස දස්සන සම්පදාය
තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බොකාතුං
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

10. තේරුම
දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්‍ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං
කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

11. තේරුම
ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හොතු

12. තේරුම
ගී‍්‍රෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වරො වරඤ්ඤු වරදො වරාහරො
අනුත්තරො ධම්මවරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

13. තේරුම
උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

14. තේරුම
යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්‍ෂය කළ ප්‍රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු

15. තේරුම
පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු

16. තේරුම
පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
ථාගතං දෙව මනුස්ස පූජිතං
සඞඝං නමස්සාම සුවත්ථි හොතු

17. තේරුම
පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්‍රාවක සඞඝයා වහන්සේ වඳිමු.

15,16,17 ශක්‍රදේවේන්ද්‍රයා විසින් කියන ලද ගාථා තුනකි. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රය දෙසන ලදී.උදේ සවස උවදුරු දුරු කර ගැනීම සඳහා භාවිතා කළයුතු උතුම් සෙත් පිරිතකි

රතන සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න.

කරණීය මෙත්ත සූත්‍රය

කරණීය මත්‍ථ කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි

1. තේරුම
ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.

සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

2. තේරුම
සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.

නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

3. තේරුම
යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.

යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා

4. තේරුම
කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

5. තේරුම
තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?

නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

6. තේරුම
අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.

මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං

7. තේරුම
යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.

මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං

8. තේරුම 
පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.

තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

9. තේරුම
සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

10. තේරුම
මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය

කරණීය මෙත්ත සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න.

තුන් සූත්‍රය සඤ්ඤායනා කිරීමේදී නිවැරදිව උච්චාරණය ඉතාම වැදගත් වේ. ඒ ගැන සැලකිළිමත් වන්න.
ආර්‍ය උපවාදයන් ට තෙරුවන් කමා කර ගැනීම

අනන්ත සසරේ ඉපිද මැරෙමින් අප එන මේ ගමනේදී බුදුරජණන්වහන්සේ කෙනෙකුන් හට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්හට, ධර්ම රත්නයට හෝ, සෝවාන් මාර්ග, ඵලලාභී , සකදාගාමී, මාර්ග ඵල ලාභී, අනාගාමී මාර්ග ඵල ලාභී, අරහත් මාර්ග ඵල ලාභී වශයෙන් ද, නැවත ඒ ඒ මඟ ඵල ලාභයට පිළිපන් ලෙසද වන ආර්‍ය පුද්ගලයන් වහන්සේ ලාට අප සිතෙන්, කයින් වචනයෙන් යම් උපහාසයක්, අපහාසයක්, කරදරයක්, දෝශාරෝපණයක් කරගත්තේ නම් ඒ ආර්‍ය උපවාද අකුසලයකි. මහා සාවද්‍ය අකුසල කර්ම වන මේවා භයානක විපාක දෙන අකුසල කර්මයන් බව දන්නේ ටික දෙනෙකි. ඒ නිසා වර්ථමානයේද ජනයා මේ අකුසල කර්මය සිදුකරගනිති. ඒ නිසා ආර්‍ය උපවාදයන් ගෙන් සිත, කය, වචනය වලක්වා ගැනීම මෙන්ම සෙර සසරේ කරගත් ආර්‍ය උපවාදයනට සමාව ගැනීමද ඉතා වැදගත් ය.

ඉතසිතින් , දැඩි උවමනාවෙන්, මෙලෙස මෙනෙහි කරන්න:
අනන්ත සසරේ මගේ සිතෙන් කයින් වචනයෙන් කුමන හෝ දොසක්, හිරිහැරයක්, කරදරයක්, අවමානයක්, අපහාසයක්, යනාදි උපවාදයක් බුදු රජාණන්වහන්සේට හෝ ධර්ම රත්නයට හෝ, අටවැදෑරුම් ආර්‍ය පුද්ගලයන් ට හෝ සිදු වුනි නම් මට එවාට සමාව ලැබේවා, දෙවනුවද සමාව ලැබේවා, තෙවනුවද සමාව ලැබේවා, අනන්ත වාරයක් මට සමාව ලැබේවා. මතු සසරේ දීත් මගේ සිතෙන් කයින් වචනයෙන් ආර්‍ය උපවාද සිදු නොවේවා. මගේ ශීල සමාධි ප්‍රඥා වැඩී මේ උපවාද වලින් මා මිදේවා 
ලෙසින් අධිශ්ඨාන කරන්න. මහත් ඕනෑකමින් බැති සිතෙන් අදිටන් කරන්න. 

කායෙන වාචා චිත්තේන - පමාදේන මයා කථං
අච්චයංකම මේ භන්තේ - භූරී පඤ්ඤ තථාගතං
අච්චයංකම මේ ධම්ම - සන්දිට්ඨික අකාලික
අච්චයංකම මේ සංඝ - සුපටිපන්න අනුත්තර 

බුද්ධ රත්නයට , ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ කයෙන් වචනයෙන්, සිතෙන් කිසියම් වරදක් සිදු වූවා නම් මා කෙරෙහි අනුකම්පාවෙන් සමාවන සේක්වා! යි කියා සමාව ගත යුතුයි.

* පින් අනුමෝදන් කිරීම

නිවැරදි අවබෝධයෙන් තෙරුවන් නැමදීමෙන්, බුදුපියාණන් වහන්සේට ආහාර, පැන් මල්, සුවඳ, පහන් පූජාවෙන් ඔබ දැන් බොහෝ පින් රැස් කර ගත්තා. මීලඟට අපි ඒ රැස් කරගත් පින් මෙන් ම මේ අනන්ත සසරේ ඔබ රැස්කර ගත් සියළු පින් සම්භාරයත් අනුමෝදන් කරමු.
(බය වෙන්න එපා, ඒ පින් දුන්නා කියා ඔබේ පින් අඩුවෙන්නේ නෑ. පත්තානුමෝදනාපින නිසා තවත් වැඩි වෙනවා. නිතර මෙනෙහි කිරීම නිසා බල-ගැන්වෙනවා )

පුහුදුන් අය ලෙස සසර ගමන පටන් ගත් තැන මෙන්ම සසර කෙළවරක් ද අප නොදන්නෙමු. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයෙහි නිවනට සපැමිණීම අපගේ ද ඒකායන පැතුම විය යුතුය. 

බෝධිසත්වයන් වහන්සේලාට

නිවන් දකින්නට හැකියාව තිබියදීත් සියලු සත්වග කෙරෙහි මහා අනුකම්පාවෙන්, මහා කරුණාවෙන් මතුබුදුබව පතන්නාවූ සියළු බෝධිසත්වයන් වහන්සේලාට අප මුලින්ම ඒ පින්පෙත් අනුමෝදන් කරමු. 
"අනන්ත සසරේ දුක් විඳිනා අසරණ අප කෙරෙහි පතල මහා කරුණාවෙන් මතු ලොව්තුරා බුදුවන්නට පෙරුම් පුරන්නාවූ උත්තම බෝධිසත්වයන් වහන්සේලාට මාගේ මේ සියළු පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ පාරමිතාවන් ඉෂ්ඨ සිද්ධ වේවා" 
ලෙස අධිශ්ඨාන කරන්න.

* දෙවි දේවතාවන් වහන්සේලාට
ශ්‍රී සම්බුධ ශාසනයත් ශ්‍රී සද්ධර්මයත් තිලෝ වැසි අප වත් ආරක්ෂා කරන්නාවූ දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු:

ආකාසට්ඨා ච භුම්මට්ඨා 
දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා 
චිරං රක්‍ඛන්තු සාසනං

ආකාසට්ඨා ච භුම්මට්ඨා 
දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා 
චිරං රක්‍ඛන්තු දේසනං

ආකාසට්ඨා ච භුම්මට්ඨා 
දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා 
චිරං රක්‍ඛන්තු මං පරං

(අර්ථය: අහසෙහි පොළොවෙහි වාසය කරන මහා තේජසක් ඇති දෙවියන් මේ පින අනුමෝදන් වී ශාසනය (දේශනය/ මා හා අනුන්) බොහෝ කාලයක් ආරක්ෂා කෙරේවා!)

* මීලඟට මියගිය ඥාතීන්ට ඒ පින් අනුමෝදන් කරන්න:

ඉධං මේ ඥාතී නං හෝතූ
සුඛිතා හොන්තු ඥාතයෝ

මීලඟට මේ කල පුන්‍යකර්මයෙන් ලැබුන පින් වලින් ඔබට කුමක් අවශ්‍යද කියා සිතන්න:

ඔබ කරන සෑම පිනකින් ම ඔබට යහපත් විපාක අනිවාර්‍යයෙන් ම ලැබේ. 
ඒ නිසා මට අර සැප ඕනි, මේ දේ ඕනි කියා පතන්නට අවැසි නැත. එහෙත් මහක තබාගත් යුත්තක් ඇත:

"අද මේ රැස්කල පින් මෙන්ම, සසරේ මේ මොහොත දක්වා මම රැස්කරගත් මේ පින් සම්භාරය මට නිවන පිණිසම හේතුවේවා" කියා පතන්න.

එවිට ඔබට මීලඟ භවයන්හිදී ශීල සමාධි ප්‍රඥා වැඩිය හැකි උතුම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබී නිවනට තවත් ලං වන්නට හැකි වේවි. ඒ ගමනේදි ඔබට සියළු සප සම්පත් ඉබේම ලැබේවි. සැප ඉල්ලන්නට අවශ්‍ය නැත. නිවන පමණක් ප්‍රාර්ථනා කරන්න.

මීලඟට ඔබ ඔබේ දෙමව්පියන් ඇතුළු පවුලේ අයත් වෙනත් හිතවතුන් ටත් ත්‍රිවිධරත්නයේ ආශීර්වාදය, දෙවි රැකවරණය ප්‍රාර්ථනා කරන්න.

මේ දැක්වූයේ එදිනෙදා තෙරුවන් නැමැද, පන්සිල් සමාදන් ව, සම්මා සම්බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් මල් පහන් යනාදිය පූජාකර පින් අනුමෝදන් කරන පිළිවෙලයි. 
මෙය මින් අනතුරුව භාවනාව වැනි කුසල කර්මයන් දක්වා වැඩි දියුණු කල හැක. 

සාදු සාදු සාදු...!!!
මෙත් මග

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X